Friday, July 23, 2010

ආපසු ආ විට...


දිනක් නොව දෙකක් නොව
දින 5ක් ගියා ඈතටම...
කටහඬක් ඇහුනාට
ඒත් ඕනවට එපාවට...
සඳක් වැනි ඔය මූන
ගොරක ලෙල්ලක් කරගෙනම...
සිරික්කිය වෙනුවට
ඇහුනෙම හීල්ලිම...
ඉතින් මගෙ රත්තරන්...
ගියේ මම
නොයා බැරිකමට...

ඉගිල්ලිල ආව මම
මගෙ සඳ බලන්නට...
ඔන්න ගොරක ලෙලි මුහුන
පුර හඳක් වෙලා අද...
හිනා පිරුන කටහඬට
පන ඇවිල්ල හොදටෝම...
අද දිනක් පුරාවට
මගේ ලය තුරුලෙම
ගුලි වෙලා හිටියම...
මට දැනුන දිව්‍ය සුව
සමකරන්නට බැහැනෙ මට...
ඔය මූන බෙරි කරන්
ඉන්නෙහෙම නෑ හොදද...
කිව්වම මගෙ මැනික
අවවාද දුන්න මට...
ඉහලින්ම පිලි අරන්
මගේ පිස්සු අච්චිව...
ඉඳින්නම් මින් පසුව...

4 comments:

  1. හනේ හපොයි කිව්වලු. :D :P

    ReplyDelete
  2. අනේ යකෝ තෝ නං තවත් ගෙනියන්නෙ නෑ.. ගිය වෙලේ ඉදං ෆෝන් එකේ.. ඒ මදිවට තව හූල්ලනව කටහඬ ඇහුණෙ නෑ කියල...

    ReplyDelete
  3. අනේ බං ඔය තියෙන්නේ මම හීල්ලුවා කියල නෙමේ අනික පෝන් එක් කනේ තියා ගත්තේ හැම වෙලාවෙම නෙමේ ගොනා තො‍ට කොහිද තේරේන්නේ ඒ feelings ලියල තියෙන්නේ මොක්ක්ද කියල තේරුම් ගනින් බං

    ReplyDelete