
කාස්ටේකට අහුවෙච්ච,
කකුල් තියන්න බැරි තරම්
පුදුම විදියට රත් වෙච්ච,
වියලුනු කාන්තාරෙකට,
දිය බිදක් වැටුනම කොහමට
හිතෙයිද......
දිය බිදකට වඩා පුංචි
හිරිමල් වැස්සක් වැටුනම...
රස්නෙට බැටකාපු පුංචි වැලිකට,
කොහමට හිනා වෙයිද..
කාන්තාරෙක තනිවෙච්ච,
මගේ හිතට
ලංවෙච්ච දිය බින්ද,
ඔයයි “මැණික”....
අද මගේ හිතේ තියන හුස්ම කියන වැලිකට,
පුදුම විදහට කෑ ගහල උඩ පනිනවා..
රස්නෙට තැම්බිච්ච මගේ ලේ නහර,
අද හරි සනීපෙට ගලන් යනවා...
ඔයාගේ ඔය ඇස්දෙක,
ලස්සනට හිනාවෙන ඔයාගේ මූණ පොඩ්ඩ,
හැමදේකින්ම කියන්නේ ඔයා මගේ මල් වැස්ස කියල “මැණික”....
ඔයාගේ ආදරෙන් අද ඒ කාන්තාරේ ලස්සන මලක් පිපලා..
ඒ කාන්තාරේ දැන් ටිකෙන් ටික ක්ෂෙම භූමියක් වෙන්න අරන්....
පින්සිද්ද වෙනවා “මැණික” ඒ දිය බින්ද
වෑස්සුවට...........................
blog එක ආයිත් ලියන්න ගත්තා ඒ ලියන්න ගත්තේ මගේ හිතේ සදාකල් ඉන්න පෙරුම් පුරන ඇයගේ ඉල්ලීමකට කොච්චර කම්මැලි උනත් වැඩ තිබුනත් ඒ අහිංසක ඉල්ලීම කොහම අහක දාන්නද ඒ හින්දා මට හිතට දැනුනු දේවල් ආයිත් අකුරු වෙන්න ගත්තා මුලින්ම ඇය වෙනුවෙන් මට හිතට දැනුන දේවල් අකුරු කරන්න ඕන කියල හිතුන ඔය තියෙන්නේ ඒ වලින් එකක්.....
අපොයි උඹ හරි වැඩ තියන මිනිහ.
ReplyDeleteඑළ එළ දිගටම ලියපන්.
මට කවි අරහං මේ දවස් වල. :D