හර්දයේ ගැබුරුම හඩ තියෙන තැන
හුස්ම පොදයි ලේ නහරයි එකතු වෙන තැන
හිතේ තියෙන "ප්‍රාර්තනාව" ලැගුම් ගන්නවලු
"ප්‍රාර්තනාව" හිතට කොදුරනවලු....
අවුරුදු ගානක් ඒ කෙදිරිල්ල ටික ටික වෑස්සිලා
මහ ගෝසවක් වෙන්න ගත්තා,
හිත හයියෙන් කෑ ගැහුවා,
ප්‍රාර්තනාව ඉටු වෙන්නෙ නෑලු
ඒක මියදෙනවලු හුස්ම අදිනවලු
මමත් ප්‍රාර්තනාවට හුස්ම දෙන්න හැදුවා,
ඒත් ඒවා ජීව නාල නෙමෙ කෘතිම නාල
ප්‍රාර්තනාව අන්තිම හුස්මත් අදිනව වගේ
හිතට පුදුම වේදනයි,
හිත ගලෝල පැත්තකින් තියන්න හිතුනා
දන්න කියන හැම බෙහෙතම දුන්නා
"ප්‍රාර්තනාව" සුව වෙන්නෙ නෑ
ප්‍රාර්තනාවට මියදෙන්න ඉඩ දීල
අන්තිමෙදි මමත් බලන් හිටියා,
හෙට හිතෙන් ප්‍රාර්තනාව මියදේවි
එහෙම හිතන් නින්දට වැටුනා...
සොදුරු හීනයක් දැක්කා...
ප්‍රාර්තනාව ඉටු වෙලා,
ආයිත් හුස්ම ගන්නවා ජීවත් වෙනවා
හිතට අදරෙන් කොදුරනවා
හිත ජීවත් කරවනවා
එත් ඇස් අරුනම ආයි දුක් උනා
ගොඩක් දුක් උනා ඒක හීනයක් විතරයි
එහෙම හිතුනා.....
එත් අද ඒ හීනේ ඉටු වෙලා
ප්‍රාර්තනාව ජීවත් වෙන්න අරන්
ප්‍රාර්තනාවා හුස්ම ගන්න අරන්
ඒ හුස්ම හිතට වදින්න අරන්
හර්දයේ ගැබුරුම තැන
ලේ නහරයි හුස්ම තියෙන තැන
ප්‍රාර්තනාව සුවහස් වෙලා
"ප්‍රාර්තනාව" ඒක මොකක්ද
ප්‍රාර්තනාව...
"
හිත පිරුන ආදරය"