Friday, July 23, 2010

ආපසු ආ විට...


දිනක් නොව දෙකක් නොව
දින 5ක් ගියා ඈතටම...
කටහඬක් ඇහුනාට
ඒත් ඕනවට එපාවට...
සඳක් වැනි ඔය මූන
ගොරක ලෙල්ලක් කරගෙනම...
සිරික්කිය වෙනුවට
ඇහුනෙම හීල්ලිම...
ඉතින් මගෙ රත්තරන්...
ගියේ මම
නොයා බැරිකමට...

ඉගිල්ලිල ආව මම
මගෙ සඳ බලන්නට...
ඔන්න ගොරක ලෙලි මුහුන
පුර හඳක් වෙලා අද...
හිනා පිරුන කටහඬට
පන ඇවිල්ල හොදටෝම...
අද දිනක් පුරාවට
මගේ ලය තුරුලෙම
ගුලි වෙලා හිටියම...
මට දැනුන දිව්‍ය සුව
සමකරන්නට බැහැනෙ මට...
ඔය මූන බෙරි කරන්
ඉන්නෙහෙම නෑ හොදද...
කිව්වම මගෙ මැනික
අවවාද දුන්න මට...
ඉහලින්ම පිලි අරන්
මගේ පිස්සු අච්චිව...
ඉඳින්නම් මින් පසුව...

Saturday, January 30, 2010

ජේත්තු කාරියේ....

සද වගේම මූණ තියෙන,
තරු වගේම හීන මවන,
ඉර වගේම රස්නේ විදින
ජේත්තු කාරියේ.. ඔබට
ස්නෙහේ ඇයිද මේ තරම්ම.......
ඇහුව්වා මං මගේ හිතෙන්ම..

හිත් අහසේ ලසද එලිය
නිතරම මම විදින නිසා,
හිත් අහසට ලහිරු වැටෙන
හිරු රස්මිය ලැබෙන නිසා.....
හිත් අහසට හීන මැවෙන
තරු එලියම වැටෙන නිසා,
ජේත්තු කාරියේ.. ඔබට
ස්නෙහේලු මේ තරම්ම.....
හිත කීවා හැමදාමම....

Thursday, January 28, 2010

ප්‍රාර්තනාව.....

හර්දයේ ගැබුරුම හඩ තියෙන තැන
හුස්ම පොදයි ලේ නහරයි එකතු වෙන තැන
හිතේ තියෙන "ප්‍රාර්තනාව" ලැගුම් ගන්නවලු
"ප්‍රාර්තනාව" හිතට කොදුරනවලු....



අවුරුදු ගානක් ඒ කෙදිරිල්ල ටික ටික වෑස්සිලා
මහ ගෝසවක් වෙන්න ගත්තා,
හිත හයියෙන් කෑ ගැහුවා,
ප්‍රාර්තනාව ඉටු වෙන්නෙ නෑලු
ඒක මියදෙනවලු හුස්ම අදිනවලු
මමත් ප්‍රාර්තනාවට හුස්ම දෙන්න හැදුවා,
ඒත් ඒවා ජීව නාල නෙමෙ කෘතිම නාල
ප්‍රාර්තනාව අන්තිම හුස්මත් අදිනව වගේ
හිතට පුදුම වේදනයි,
හිත ගලෝල පැත්තකින් තියන්න හිතුනා
දන්න කියන හැම බෙහෙතම දුන්නා
"ප්‍රාර්තනාව" සුව වෙන්නෙ නෑ
ප්‍රාර්තනාවට මියදෙන්න ඉඩ දීල
අන්තිමෙදි මමත් බලන් හිටියා,

හෙට හිතෙන් ප්‍රාර්තනාව මියදේවි
එහෙම හිතන් නින්දට වැටුනා...

සොදුරු හීනයක් දැක්කා...
ප්‍රාර්තනාව ඉටු වෙලා,
ආයිත් හුස්ම ගන්නවා ජීවත් වෙනවා
හිතට අදරෙන් කොදුරනවා
හිත ජීවත් කරවනවා
එත් ඇස් අරුනම ආයි දුක් උනා
ගොඩක් දුක් උනා ඒක හීනයක් විතරයි
එ‍හෙම හිතුනා.....

එත් අද ඒ හීනේ ඉටු වෙලා
ප්‍රාර්තනාව ජීවත් වෙන්න අරන්
ප්‍රාර්තනාවා හුස්ම ගන්න අරන්
ඒ හුස්ම හිතට වදින්න අරන්
හර්දයේ ගැබුරුම තැන
ලේ නහරයි හුස්ම තියෙන තැන
ප්‍රාර්තනාව සුවහස් වෙලා
"ප්‍රාර්තනාව" ඒක මොකක්ද
ප්‍රාර්තනාව...
"හිත පිරුන ආදරය"

Tuesday, January 26, 2010

පාරාදීසය

මොනවද මම ලියන්නේ.. .......






පරාදීසේ ගැන අහල තියෙනවා
පරාදීසේ ගැන ලියනවා කියල හිතුනා
ඒක ගොඩක් සුන්දර ඇති...

මම ඇස් දෙක වහගත්තා
පරාදීසේ දකින්නට වෙර දරලා..

පරාදීසේද කොහිද පේන්න අරන්
පරාදීසේ හිත නිවනවලු
මගේ හිතත් නිවෙන්න අරන්
පරාදීසේ හරි ලස්සනයිලු
ඒ ලස්සන මට පේන්න අරන්
පරාදීසේ හැමදාම ඉන්න හිතෙනවලු
මටත් ‍එහෙම හිතෙන්න අරන්....
ඇස් ඇරල බැලුවා
තනියම හිනාවුනා..
පරාදීසේ මගේ ලගම
ඔයා මං දිහා බැලුවා...
ඇයි කියල ඇහුවා...
මම ආයි හිනා වුනා
පරාදීසේ ඔයාමනේ කියල හිතුනා.......

ස්නේහයේ දියබින්ද...



කාස්ටේකට අහුවෙච්ච,
කකුල් තියන්න බැරි තරම්
පුදුම විදියට රත් වෙච්ච,
වියලුනු කාන්තාරෙකට,
දිය බිදක් වැටුනම කොහමට
හිතෙයිද......
දිය බිදකට වඩා පුංචි
හිරිමල් වැස්සක් වැටුනම...
රස්නෙට බැටකාපු පුංචි වැලිකට,
කොහමට හිනා වෙයිද..
කාන්තාරෙක තනිවෙච්ච,
මගේ හිතට
ලංවෙච්ච දිය බින්ද,
ඔයයි “මැණික”....
අද ම‍ගේ හිතේ තියන හුස්ම කියන වැලිකට,
පුදුම විදහට කෑ ගහල උඩ පනිනවා..
රස්නෙට තැම්බිච්ච මගේ ලේ නහර,
අද හරි සනීපෙට ගලන් යනවා...
ඔයාගේ ඔය ඇස්දෙක,
ලස්සනට හිනාවෙන ඔයාගේ මූණ පොඩ්ඩ,
හැමදේකින්ම කියන්නේ ඔයා මගේ මල් වැස්ස කියල “මැණික”....
ඔයාගේ ආදරෙන් අද ඒ කාන්තාරේ ලස්සන මලක් පිපලා..
ඒ කාන්තාරේ දැන් ටිකෙන් ටික ක්ෂෙම භූමියක් වෙන්න අරන්....
පින්සිද්ද වෙනවා “මැණික” ඒ දිය බින්ද
වෑස්සුවට...........................

‍blog එක ආයිත් ලියන්න ගත්තා ඒ ලියන්න ගත්තේ මගේ හිතේ සදාකල් ඉන්න පෙරුම් පුරන ඇයගේ ඉල්ලීමකට කොච්චර කම්මැලි උනත් වැඩ තිබුනත් ඒ අහිංසක ඉල්ලීම කොහම අහක දාන්නද ඒ හින්දා මට හිතට දැනුනු දේවල් ආයිත් අකුරු වෙන්න ගත්තා මුලින්ම ඇය වෙනුවෙන් මට හිතට දැනුන දේවල් අකුරු කරන්න ඕන කියල හිතුන ඔය තියෙන්නේ ඒ වලින් එකක්.....