Friday, July 23, 2010

ආපසු ආ විට...


දිනක් නොව දෙකක් නොව
දින 5ක් ගියා ඈතටම...
කටහඬක් ඇහුනාට
ඒත් ඕනවට එපාවට...
සඳක් වැනි ඔය මූන
ගොරක ලෙල්ලක් කරගෙනම...
සිරික්කිය වෙනුවට
ඇහුනෙම හීල්ලිම...
ඉතින් මගෙ රත්තරන්...
ගියේ මම
නොයා බැරිකමට...

ඉගිල්ලිල ආව මම
මගෙ සඳ බලන්නට...
ඔන්න ගොරක ලෙලි මුහුන
පුර හඳක් වෙලා අද...
හිනා පිරුන කටහඬට
පන ඇවිල්ල හොදටෝම...
අද දිනක් පුරාවට
මගේ ලය තුරුලෙම
ගුලි වෙලා හිටියම...
මට දැනුන දිව්‍ය සුව
සමකරන්නට බැහැනෙ මට...
ඔය මූන බෙරි කරන්
ඉන්නෙහෙම නෑ හොදද...
කිව්වම මගෙ මැනික
අවවාද දුන්න මට...
ඉහලින්ම පිලි අරන්
මගේ පිස්සු අච්චිව...
ඉඳින්නම් මින් පසුව...

Saturday, January 30, 2010

ජේත්තු කාරියේ....

සද වගේම මූණ තියෙන,
තරු වගේම හීන මවන,
ඉර වගේම රස්නේ විදින
ජේත්තු කාරියේ.. ඔබට
ස්නෙහේ ඇයිද මේ තරම්ම.......
ඇහුව්වා මං මගේ හිතෙන්ම..

හිත් අහසේ ලසද එලිය
නිතරම මම විදින නිසා,
හිත් අහසට ලහිරු වැටෙන
හිරු රස්මිය ලැබෙන නිසා.....
හිත් අහසට හීන මැවෙන
තරු එලියම වැටෙන නිසා,
ජේත්තු කාරියේ.. ඔබට
ස්නෙහේලු මේ තරම්ම.....
හිත කීවා හැමදාමම....

Thursday, January 28, 2010

ප්‍රාර්තනාව.....

හර්දයේ ගැබුරුම හඩ තියෙන තැන
හුස්ම පොදයි ලේ නහරයි එකතු වෙන තැන
හිතේ තියෙන "ප්‍රාර්තනාව" ලැගුම් ගන්නවලු
"ප්‍රාර්තනාව" හිතට කොදුරනවලු....



අවුරුදු ගානක් ඒ කෙදිරිල්ල ටික ටික වෑස්සිලා
මහ ගෝසවක් වෙන්න ගත්තා,
හිත හයියෙන් කෑ ගැහුවා,
ප්‍රාර්තනාව ඉටු වෙන්නෙ නෑලු
ඒක මියදෙනවලු හුස්ම අදිනවලු
මමත් ප්‍රාර්තනාවට හුස්ම දෙන්න හැදුවා,
ඒත් ඒවා ජීව නාල නෙමෙ කෘතිම නාල
ප්‍රාර්තනාව අන්තිම හුස්මත් අදිනව වගේ
හිතට පුදුම වේදනයි,
හිත ගලෝල පැත්තකින් තියන්න හිතුනා
දන්න කියන හැම බෙහෙතම දුන්නා
"ප්‍රාර්තනාව" සුව වෙන්නෙ නෑ
ප්‍රාර්තනාවට මියදෙන්න ඉඩ දීල
අන්තිමෙදි මමත් බලන් හිටියා,

හෙට හිතෙන් ප්‍රාර්තනාව මියදේවි
එහෙම හිතන් නින්දට වැටුනා...

සොදුරු හීනයක් දැක්කා...
ප්‍රාර්තනාව ඉටු වෙලා,
ආයිත් හුස්ම ගන්නවා ජීවත් වෙනවා
හිතට අදරෙන් කොදුරනවා
හිත ජීවත් කරවනවා
එත් ඇස් අරුනම ආයි දුක් උනා
ගොඩක් දුක් උනා ඒක හීනයක් විතරයි
එ‍හෙම හිතුනා.....

එත් අද ඒ හීනේ ඉටු වෙලා
ප්‍රාර්තනාව ජීවත් වෙන්න අරන්
ප්‍රාර්තනාවා හුස්ම ගන්න අරන්
ඒ හුස්ම හිතට වදින්න අරන්
හර්දයේ ගැබුරුම තැන
ලේ නහරයි හුස්ම තියෙන තැන
ප්‍රාර්තනාව සුවහස් වෙලා
"ප්‍රාර්තනාව" ඒක මොකක්ද
ප්‍රාර්තනාව...
"හිත පිරුන ආදරය"

Tuesday, January 26, 2010

පාරාදීසය

මොනවද මම ලියන්නේ.. .......






පරාදීසේ ගැන අහල තියෙනවා
පරාදීසේ ගැන ලියනවා කියල හිතුනා
ඒක ගොඩක් සුන්දර ඇති...

මම ඇස් දෙක වහගත්තා
පරාදීසේ දකින්නට වෙර දරලා..

පරාදීසේද කොහිද පේන්න අරන්
පරාදීසේ හිත නිවනවලු
මගේ හිතත් නිවෙන්න අරන්
පරාදීසේ හරි ලස්සනයිලු
ඒ ලස්සන මට පේන්න අරන්
පරාදීසේ හැමදාම ඉන්න හිතෙනවලු
මටත් ‍එහෙම හිතෙන්න අරන්....
ඇස් ඇරල බැලුවා
තනියම හිනාවුනා..
පරාදීසේ මගේ ලගම
ඔයා මං දිහා බැලුවා...
ඇයි කියල ඇහුවා...
මම ආයි හිනා වුනා
පරාදීසේ ඔයාමනේ කියල හිතුනා.......

ස්නේහයේ දියබින්ද...



කාස්ටේකට අහුවෙච්ච,
කකුල් තියන්න බැරි තරම්
පුදුම විදියට රත් වෙච්ච,
වියලුනු කාන්තාරෙකට,
දිය බිදක් වැටුනම කොහමට
හිතෙයිද......
දිය බිදකට වඩා පුංචි
හිරිමල් වැස්සක් වැටුනම...
රස්නෙට බැටකාපු පුංචි වැලිකට,
කොහමට හිනා වෙයිද..
කාන්තාරෙක තනිවෙච්ච,
මගේ හිතට
ලංවෙච්ච දිය බින්ද,
ඔයයි “මැණික”....
අද ම‍ගේ හිතේ තියන හුස්ම කියන වැලිකට,
පුදුම විදහට කෑ ගහල උඩ පනිනවා..
රස්නෙට තැම්බිච්ච මගේ ලේ නහර,
අද හරි සනීපෙට ගලන් යනවා...
ඔයාගේ ඔය ඇස්දෙක,
ලස්සනට හිනාවෙන ඔයාගේ මූණ පොඩ්ඩ,
හැමදේකින්ම කියන්නේ ඔයා මගේ මල් වැස්ස කියල “මැණික”....
ඔයාගේ ආදරෙන් අද ඒ කාන්තාරේ ලස්සන මලක් පිපලා..
ඒ කාන්තාරේ දැන් ටිකෙන් ටික ක්ෂෙම භූමියක් වෙන්න අරන්....
පින්සිද්ද වෙනවා “මැණික” ඒ දිය බින්ද
වෑස්සුවට...........................

‍blog එක ආයිත් ලියන්න ගත්තා ඒ ලියන්න ගත්තේ මගේ හිතේ සදාකල් ඉන්න පෙරුම් පුරන ඇයගේ ඉල්ලීමකට කොච්චර කම්මැලි උනත් වැඩ තිබුනත් ඒ අහිංසක ඉල්ලීම කොහම අහක දාන්නද ඒ හින්දා මට හිතට දැනුනු දේවල් ආයිත් අකුරු වෙන්න ගත්තා මුලින්ම ඇය වෙනුවෙන් මට හිතට දැනුන දේවල් අකුරු කරන්න ඕන කියල හිතුන ඔය තියෙන්නේ ඒ වලින් එකක්.....

Saturday, May 23, 2009

දැන් එන්න එන්න තියන වේලාව ටික ටික අඩු වෙනවා ඒ නිසා දැන් නිතර දේවෙලේ මට හිතට දැනෙන කරන දේවල් දාන්න බැරි වෙනවා ඒත් ඉතින් එහෙම කියල හරි යන්නේ නෑ නේ. ඒ හින්දා මම හිතුවා අද මම ලිව්ව නිසැදැස් වගේම සිංදු කිහිපයකුත් එක පාර මේකට එකතු කරන්න හොදද බලන්නකෝ

අපි A/L කරන කාලේ මගේ යාලුවෙක් දවසක් ඇවිදින් මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා ඒ තමයි එයාලාගේ පාසලේ පරිසර සංගමය මගින් අලුතින් හදන CD 1 කට සිංදුවක් හදල දෙන්න පුලුවන්ද කියල. ඒ කාලේත් ඉතින් අපි යාලුවෝ කිහිප දෙනෙක් සිංදු වැඩ වලට ටිකක් උනන්දු හින්දා ඒ රාජකාරිය බාර ගන්න වුනා. කොහමහරි ලියන වැඩේ බාර වුනේ මට මොන ගැනද මම ලියන්නේ දැන් ඉල්ලන්නේ පරිසරය ගැන... පරිසරයට වෙන විනාශය ගැන ටිකක් මතු කරන්න කිව්වා ඒ හින්දා මම මේ පද පේලි ටික ගැට ගැහුවා බලන්න ඒක හොදද කියල ඔය සිංදුව තාලේ හැදුවෙත් මම අපේ පාසලේ නම් ටිකක් විතර නැගල ගියා සිංදුව

ගිනි දැලෙන් පෙලන ලොකේ

කතරක අතරමංවී

සැනසුමක් සොයනවා

දියබිදක් යදිනවා

ස්භෘ මවුගේ සොහනේ තනිවී

සිසිල් වූ නිල් දහර සොයමින්

සැනසුමක් දෙන සුසුම් සොයමින්

ඔහේ පියසරනා

තනිව මා හඩනා...........

ලයෙහි මතු වූ දියදහර ගෙන

දිය බිදක ඇති පහස නිව්වා..

සිරුරේ මතුවූ සුසුම් කැටි කොට

සැනසුමක් දෙන සුසුම් හැමුවා....

කුරිරැ මිනිසුන් ස්භා අම්මා දුක් ගොඩක් දී මරා දැම්මා..

ගිනි දැලෙන් පිරි ලොවක තනි මා ස්භෘ අම්මාගේ සෙනේ සෙව්වා.....

ඔය සිංදුව මාත් ගොඩක් ආස එකක් වදන් ගොඩක් දරුණුවට ලියවුනා ඔන්න ඉතින් අපි ගම්පහ A/L ක්ලාස් යන කාලේ ඒ කාලේ මාර ආතල් අපි නම් පිස්සුමයි කරේ. ඔය කාලේ ඉතින් ආදරේ කියන එක කාට කාටත් දැනෙන කාලෙනේ අපිට ක්ලාස් එකේ interval දුන්නම දවසක් මම මගේ එහා පැත්තේ ඉන්න යාලුවාට කිව්වා මචෝ අපි සිංදුවක් ලියමු ආදරේ ගැන කියල එල බුවා මං වගේම සිංදු පිස්සෙක් හැබැයි මට වඩා ගොඩක් ලස්සනට සිංදු කියන්නත් පුලුවන් ඌ තාලයක් මිමිනුවා මාත් ලිව්වා ඔන්න තියෙනවා සිංදුව අදටත් මම ආසම 1..වදන් නම් සරලයි ඒත් ආදරේ පිරිල තියෙනවා ඔය සිංදුවේ බලන්නකෝ කොහමද කියල..

ජිවිතේ මගෙ අර්තවත් උනා
ඔබගෙ ආදරේ ලැබුව පින නිසා..
මුතු සිනා ඔබෙ සිත පහන් කලා.....
සසර ඉම පුරා නොයමි හැරදමා..
ජීවිතේ හැරගියත් ලග ඉදිමි සදා..

ඔබෙ සුවන්ද මට දැනෙන්න
ඔබෙ සුසුම් මට සිබින්න
ජීවිතේම ලග ඉදින්න
නොයමි හැරදමා..
ලග ඉදිමි සදා..

අලුත් ලොවක් තනාගන්න
අපේ හෙටක් හදා ගන්න
ජීවිතේම පුද කරන්න
නොයමි හැරදමා..
ලග ඉදිමි සදා..

තව දාන්න තියනවා මම පස්සේ දාන්නම්.. ඔයාල අදහස් දෙන්න මේවා හොදද නැද්ද කියල..

Monday, May 18, 2009

මේක අපේ ලංකාව.... වන්දේ මාතා.....

අවුරුදු තිස් ගානක් තිස්සේ රට කාපු ත්‍රස්තවාදය දැන් ඉතින් ඉවරෙටම ඉවරයි. අද අපේ හිත්වල කවදාක් නැති තරමේ අමුතුම සතුටක් තියෙන්නේ හැම ගේකම සිංහයෙක් ලෙලදෙනවා.
හැම පාරකමත් එහෙමමයි. කාලකණ්ණි අපේ රට කාපු කාලේ දැන් ඉවරයි. පොඩිකාලේ ඉදන් අපි අහපු ත්‍රස්තවාදය දැන් ඉවරයි. කොච්චර කොල්ලෝ.කෙල්ලෝ මැරෙන්න ඇද්ද.කී දෙනෙක්
අත පය නැති කරගන්න ඇත්ද. අපි මේ විදින සතුට විදින්නේ ඒ අය හින්දා. මැරුන ඒ අපේ වීරයන් අපි අතරම ආයි ඉපදිලා ඒ අය දිවිදිපු මාතෘ භූ මියේ නිදහසේ පහස විදිවී. අත පය අහිමි කරගත්ත වීරයන්
ඒ අය ලබා ගත්ත නිදහස් රටේ නිදහසේ ඉදිවී. ‍අපිට කියල දැන් තියෙන්නේ එකම එක කොඩියයි. පරදෙශක්කාරයෝ දැන් මොනා කියල කෑ ගහන්නද? මේක අපේ රට උන්ගේ බාප්පොච්චි උන්ට ලියල දුන්න
කියල උන් හිතන් ඇති. හොද කනේ පාරක් දුන්නේ අපි ඒ යක්කු තමා ඔක්කම කරන්නේ කාලකණ්නි හැත්ත. ඊ ළමේ කොඩිය අරන් කෑ ගහ ගහ ඉන්න පරයන්ගේ රටවල ඉන්න තවත් පොඩි පිරිසක් ඉන්නවා.
‍උන්ට පේන්නේ නැද්ද උන්ගේ මිනිස්සු දැන් කොයිතරම් සතුටුවෙනවද කියල. මොලේ දැන් වත් පාවිච්චි කරපියව් හිවලුනේ. ‍ලංකාවට වරෙල්ලා දැන්වත් උදව් වෙයල්ලා අපිට කියල තියෙන්නේ එක රටයි. එක කොඩියයි
වරෙල්ලා අපි එකතු වෙලා ඒ රට හදමු. මේ රට එක පරයෙක්ටවත් නැවෙන්නේ නෑ කියල අපි පෙන්නල දුන්නා. ලොකේ කාටවත්ම ඉවරකරන්න බෑ කියපු ත්‍රස්ත්‍රවාදය අපේ කොල්ලෝ කෙල්ලෝ ඉවරකරල පෙන්නුවා
රට සංවර්ධනය කරන්න ඕන යුද්දේ දැන් අපි පටන් ගන්න ඕන. අවුරුදු තිස් ගානක් අපි ත්‍රස්තවාදය කියන වචනය අහනව වගේම අපි තවදෙයක් අහනව ඒ තමයි අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන එක
අපේ සීයගේ කාලෙත් කී‍ව්වේ ඕක. අපේ තාත්තාලාගේ කාලෙත් කීවේ ඕක. අපේ කාලෙත් දැන් අපි අහන්නේ ඕක හරි දැන් අපිට ලොකුම බාධාව වෙලා තිබ්බ කාලකණ්නි මූසලකම දැන් ඉවරයි. ‍අපේ කාලේදිම අහන්න
ඕන දෙයත් හදන්න දැන් අපි ලැස්ති වෙන්න ඕන ඒ තමයි. අපි සංවර්ධිතය වෙචීච රටක් පරයන්ට ඇගිලි ගහන්න බැරි රටක්. අපිට ඒක කරන්න පුලුවන් ශක්තිය හැතියාව තියෙනව හිතට ගන්න වැඩ කරන්න. අර අමන බල්ලන්ට උගන්වන්න
පාඩම් කිහිපයක් තියෙනව අපි ඒවත් උන්ට කියල දෙමු. එකතු වෙලා වැඩ කරමු. මේක අපේ ර‍ට මේක අපේ ලංකාව. මේ උනූසුම ඉවරවෙච්ච ගමන් ඒක අමතක කරන්න එපා..........